ලෝක උරුමයක් වූ පහතරට
වැසි වනාන්තරය
සිංහරාජය
ලෝකයේ ආදි කාලීන නිවර්තන වැසි වනාන්තර අතරට ඒක්වන ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ හදවත ලෙස සැලකෙන සිංහරාජ වනයද අයත්වේ. මෙය ලෝකයේම ඉතිරිව පවත්නා එක් නොඉඳුල් වැසි වනාන්තර පද්ධතියකි. මිනිස් පහස නොලද ශී‍්‍ර ලංකාවේ පහතරට අවසන් නිවර්තන වැසි වනාන්තරය ලෙස ද සැලකේ
සිංහරාජ වනයේ සිය ආධිපත්‍ය පතුරුවාගත් සිංහයෙක් වනයේ සතුන්ටත් ප්‍රදේශයේ ගම්වැසියන්ට මහත්සේ හිරිහැර කර ඇති බව ජනප්රවාදයේ පැවසේ.වනයට ඇතුළු වූ ශක්ති සම්පන්න පුද්ගලයකු විසින් මේ සිංහයා ගල් ගසා මරාදැමූණු බවත් සිංහයා ජීවත් වූ ගුහාව සිංහගල ප්‍රදේශය වශයෙනුත් ආධිපත්‍යය දැරූ වනය සිංහරාජය වශයෙනුත් වී යැයිද ජනප්රවාදයේ පවතී. සිංහල ජාතියේ ආරම්භකයා යැයි සැලකෙන සිංහයෙකුට මෙය වාසභවනය වූ බවටද ජනප්රවාදයේ එන විශ්වාසයකි. සිංහලයේ රාජවනය හෝ සිංහල රජවරුන්ගේ රාජකීය වනය හො වීයැයිද ජනප්රවාදයේ දැක්වේ.
සිංහරාජ නැරඹිම සඳහා මහජනයාට විවෘත ප්‍රදේශයට ඇතුළුවීමට මාර්ග සතරක් ඇත. එනම් කලවාන වැද්දාගල මාර්ගය, රක්වාන මෝනින් සයිඞ් මාර්ගය, හිනිදුම නෙලූව මාර්ගය සහ දෙනියාය පල්ලෙගම මාර්ග ඔස්සේ පැමිණිය හැක. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වන්නෙකු නොමැතිව මෙම පෙදෙස්වලට ඇතුළුවීමට අවසර දෙනු නොලැබේ.