Thursday, September 8, 2011

Sinharajaya


ලෝක උරුමයක් වූ පහතරට

 වැසි වනාන්තරය 

සිංහරාජය

        ලෝකයේ ආදි කාලීන නිවර්තන වැසි වනාන්තර අතරට ඒක්වන ශ්රී ලංකාවේ ජෛව විවිධත්වයේ හදවත ලෙස සැලකෙන සිංහරාජ වනයද අයත්වේ. මෙය ලෝකයේම ඉතිරිව පවත්නා එක් නොඉඳුල් වැසි වනාන්තර පද්ධතියකි. මිනිස් පහස නොලද ශී ලංකාවේ පහතරට අවසන් නිවර්තන වැසි වනාන්තරය ලෙස සැලකේ

                              සිංහරාජ වනයේ සිය ආධිපත් පතුරුවාගත් සිංහයෙක් වනයේ සතුන්ටත් රදේශයේ ගම්වැසියන්ට මහත්සේ හිරිහැර කර ඇති බව ජනපරවාදයේ පැවසේ.වනයට ඇතුළු වූ ශක්ති සම්පන්න පුද්ගලයකු විසින් මේ සිංහයා ගල් ගසා මරාදැමූණු බවත් සිංහයා ජීවත් වූ ගුහාව සිංහගල රදේශය වශයෙනුත් ආධිපත්යය දැරූ වනය සිංහරාජය වශයෙනුත් වී යැයිද ජනපරවාදයේ පවතී. සිංහල ජාතියේ ආරම්භකයා යැයි සැලකෙන සිංහයෙකුට මෙය වාසභවනය වූ බවටද ජනපරවාදයේ එන විශ්වාසයකි. සිංහලයේ රාජවනය හෝ සිංහල රජවරුන්ගේ රාජකීය වනය හො වීයැයිද ජනපරවාදයේ දැක්වේ.

                                       සිංහරාජ නැරඹිම සඳහා මහජනයාට විවෘත රදේශයට ඇතුළුවීමට මාර්ග සතරක් ඇත. එනම් කලවාන වැද්දාගල මාර්ගය, රක්වාන මෝනින් සයිඞ් මාර්ගය, හිනිදුම නෙලූව මාර්ගය සහ දෙනියාය පල්ලෙගම මාර්ග ඔස්සේ පැමිණිය හැක. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වන්නෙකු නොමැතිව මෙම පෙදෙස්වලට ඇතුළුවීමට අවසර දෙනු නොලැබේ.